News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් දරුවන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

592 Views


ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් දරුවන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථාන‌යේ සිදු වූ පිපිරීමකින් දරුවන් පහලොස් දෙනෙකු මිය ගොස් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ ගම්මානයක ආගමික උත්සවයක් පැවති නිවසක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

ළමුන් කිහිපදෙනෙකු යමක් වෙළෙන්දෙකුට අලෙවි කිරීමට සූදානම් වී ඇති අතර එම අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බවයි පැසෙන්නේ.

එරට පොලිසිය පැවසුවේ රික්ෂෝ රථයක පිටුපස බෝම්බය අටවා තිබූ බවයි.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post