News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

බස්නාහිර පළාතෙන් පිටට යන අයට සති දෙකක් ඇන්ටිජන් පරීක්ෂණ

648 Views


බස්නාහිර පළාතෙන් පිටට යන අයට සති දෙකක් ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටව යන පුද්ගලයින් තවත් සති දෙකක කාලයක් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලට ලක් කරන බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා පොලිසියේ ද සහය ඇතිව බස්නාහිර පළාතෙන් පිට වන කපොලු ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදු කරන බවයි.

එහිදී යම් කිසි පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණ හොත් එම පුද්ගලයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරෙන අතර ඔහුගේ සමීපතමයින් නිරෝධායනය සඳහා යොමු කරන බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර නිවසින් පිටව යන විට නම, ලිපිනය, දුරකතන අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කළ ලියවිල්ලක් තමන් සතුව තබා ගන්නා ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට වෙනත් ලේඛනයක් සකස් කිරීම වෙනුවට අදාළ ලියවිල්ල භාවිත කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post