News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

මධ්‍යම අධිවේගයේ තුන්වැනි කොටසේ ඉදි කිරීම් ඇරඹෙයි

838 Views


මධ්‍යම අධිවේගයේ තුන්වැනි කොටසේ ඉදි කිරීම් ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර ලෙස සැළකෙන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කොටසේ ඉදි කිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා.

ඒ සඳහා සංවිධානකර තිබූ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මංතීරු 4කින් සමන්විත වන අතර එහි සමස්ත දුර කිලෝමීටර් 31.7ක්.

මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ, එහි ඉදි කිරීම් කටයුතු වසර 3කින් නිම කිරීමට අපේක්ෂිත බවයි.

පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන හා ගලගෙදර යන සිව් අන්තර් හුවමාරුවලින් මෙම අධිවේගී මාර්ග කොටස සමන්විත වනවා.


News Articles
Latest Videos
Most Popular Post