කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 491 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 27,552 දක්වා ඉහළ ගියා.
එමෙන්ම රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබන ගණන 8,332ක්.
මරණ ගණන දැක්වෙන්නේ 165ක් ලෙසයි.
මේ අතර ගත වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 664 දෙනා සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 36,049ක් දක්වා ඉහළ ගියා.