News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

500 Views


අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත

වැසි ඇතිවේ.

නැගෙනහිර පළාතේ සහ මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත

වැසි ඇතිවේ. උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළංඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post