News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා – සෞඛ්‍ය උපදෙස් නොතැකීම නිසා සෞඛ්‍ය නිලධාරීන් නීති මඟට

463 Views


ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා – සෞඛ්‍ය උපදෙස් නොතැකීම නිසා සෞඛ්‍ය නිලධාරීන් නීති මඟට

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව ඊයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී තහවුරු වී තිබෙනවා.

ඒ අනුව සභාපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර තිබුණා.

කෙසේ වෙතත් අදාළ සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව යමින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා රැස්වීම් කිහිපයකටත් සහභාගී වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු සහභාගී වූ රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, නොර්වුඩ්, මස්කෙළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු මෙන්ම නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම සභාපතිවරයාගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි කටයුතුකර ඇත්තේ‍.

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ සභාපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post