News Line| Off Air
Generic placeholder image

Dec
21

“සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කරන්නේ නෑ” – කෙහෙළිය රඹුක්වැල්ල

547 Views


“සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කරන්නේ නෑ” – කෙහෙළිය රඹුක්වැල්ල

සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ප්‍රකාශයක් සම්පූර්ණ අදහස ගම්‍ය නොවන ලෙස, නිවැරදි අර්ථය නිරූපනය නොවන අන්දමින් සංසරණය වන බවයි.

ඒ අනුව අදාළ ප්‍රකාශයෙන් දක්වා ඇත්තේ සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමක් සිදු නොකරන අතර එලෙස ලියාපදිංචි කිරීමක් කෙරෙන්නේ විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් බවයි.

ඊට අදාළව ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශයක් ඇතුළත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post