විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින්ගේ මෙරටට එවනු ලබන විදේශ මුදල්, එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතර රුපියල් දෙකක දිරි දීමනාවක් ගෙවීමට කටයුතුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
එය 2021 අයවැය සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් වන අතර එම යෝජනාව බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක කරනු ලබනවා.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිරිදීමනාව ගෙවීම සඳහා වැයවන පිරිවැය රජය විසින් දරන බවයි.
තමන් සතු අරමුදල් සුරක්ෂිතව මෙරටට එවීමටත් එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමටත් මෙමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට හැකියාව ලැබෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.