News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
21

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරුවලට සිදු වන දේ

668 Views


කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරුවලට සිදු වන දේ

කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමිදානය කරන්නේ ද ආදාහනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අදාළව ලිපියක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත යොමුකර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

එහි දැක්වෙන්නේ, කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් 5ක් ලබා දෙන ලෙසයි.

එමෙන්ම කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත අදාළ කන්ටේනර් සපයා තිබූ අතර ඒවායේ මළ සිරුරු තැන්පත් කිරීම අද සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post