බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලුම පෙර පාසල් සහ ප්‍රාථමික අංශ යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ඒ අනුව අදාළ ප්‍රදේශවල පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ 2021 වසරේ ජනවාරි මස 11 වැනිදා සිට යළි විවෘත කරන බවයි.