News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
21

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

448 Views


අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි වනවා.

සෙසු ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ‍.

මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර 50 පමණ සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post