News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

උපකාරක පංති ආරම්භයට අවසර ලැබෙයි ද?

501 Views


උපකාරක පංති ආරම්භයට අවසර ලැබෙයි ද?

උපකාරක පංති නැවත ආරම්භ කිරීම පිළිබද ලබන ජනවාරි මස 25 වැනිදා වනවිට තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මාර්තු මස පළමුවැනිදා සිට 11 වැනිදා දක්වා පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

පෙර තීරණය කර තිබුණේ, ජනවාරි මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා විභාගය පැවැත්වීමටයි.

එහෙත් කොරෝනා වසංගතය හමුවේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදු නොවීම තුළ අදාළ දිනට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් පැවතීම හේතුවෙන් විභාගය කල් දැමුණා.

ඒ අනුවයි ලබන මාර්තු මස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට දින නියම කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post