ඊයේ රාත්‍රී නව කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 176 දක්වා ඉහළ ගියා.
පනාගොඩ, කොළඹ 08, කොළඹ 12, කොළඹ 02, සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබුණා.
ඔවුන් අවුරුදු 44 සිට 71 දක්වා වන වයස් සීමාවන්වල පසු වූවන්.
ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු ඇතුළත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :

මේ අතර ඊයේ දිනය තුළ හදුනා ගත් නව ආසාදිතයින් 592 සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 37,000 ඉක්මවා ගියා.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 37,261ක් ලෙසයි.
ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතරින් පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ සංඛ්‍යාව 554ක් වන අතර බන්ධනාගාර ආශ්‍රයෙන් හදුනාගෙන ඇති ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 38ක් ලෙසයි.
මේ අතර ඊයේ දිනය තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වී සුවය ලැබූ 715 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ සමස්තය 28,267ක් ලෙස දැක්වුණා.
එමෙන්ම තවදුරටත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,818ක්.