නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛදය මධ්‍යස්ථානයක් වසා දැමීමට එම ප්‍රදේශයේ මහජන පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත අශ්‍රිතයෙක් වන වෛද්‍යවරයෙක් හට ස්වයං නිරෝධායනය වන්නට උපදෙස් ලබා දී තිබියදී ඒ උපදෙස් නොතකා ඔහුගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කර රෝගීන් පරික්ෂා කර බෙහෙත් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් මේ වන අදාල වෛද්‍යවරයා නැවතත් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.