පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියේ ගමන් ගත් අඹු සැමි යුවලක් සහ ඔවුන්ගේ සිවු හැවිරිදි දරුවා අනතුරට ලක්ව තිබෙන අතර එහිදී පියා සහ දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පිළියන්දල පොලිසිය සදහන් කරනවා.
මව බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙන අතර අදාල අනතුරෙන් මිය ගොස් තිබෙන්නේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහුගේ පුතු වන 04 හැවිරිදි සදෙව් අබිරෂ් නම් දරුවායි.
සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.