බේරුවල, චීන කොටුව ප්‍රදේශයේ නිවසක උණ රෝගීන් සිටින බවට ලද තොරතුක් මත සෞඛ්‍ය නිලධාරීන් විසින් අදාළ නිවසේ 15 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණා.
ඔවුන්ගෙන් සිව්දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට හදුහා ගැනුණේ ඉන් අනතුරුවයි.
ඒ අනුව අදාළ නිවැසියන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුණු අතර වෙෙරසය ආසාදනය වූවන් ප්‍රතිකාර සදහා යොමු කෙරුණා.
නිරෝධායනයට ලක්කර සිටි පිරිසෙන් 78 හැවිරිදි කාන්තාවක් පසුගියදා පස්වරු 4ට පමණ මියගොස් තිබෙනවා.
එම කාන්තාව එදිනම රාත්‍රී 8ට පමණ හොර රහසේ භූමිදානකර ඇති බවටයි පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අදාළ නිවස නිරෝධායනයට ලක්කර තිබීම හේතුවෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කිරීමට එය බාධාවක් වී ඇති බවයි.
කෙසේ වෙතත් බේරුවල පොලිසිය ඊයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.