News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

බිළිදු මළ සිරුරු දෙකක් මාරු වී මිහිදන් කළ මළ සිරුරක් යළි ගොඩ ගනී

475 Views


බිළිදු මළ සිරුරු දෙකක් මාරු වී  මිහිදන් කළ මළ සිරුරක් යළි ගොඩ ගනී

බිළිදු මළ සිරුරු දෙකක් මාරු වී මිහිදන් කළ මළ සිරුරක් යළි ගොඩ ගැනීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පානදුර පොලිසියට ඒ පිලිබදව ලද පැමිණිල්ලකට අනුවයි.

පසුගියදා පානදුර රෝහලේ දී මළ දරු උපතක් සිදු වී ඇති අතර ඒ බිලිදු මළ සිරුර පානදුරට මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරබ තිබෙනවා. එදිනම තවත් කාන්තාවකට මළ දරු උපතක් සිදු වී තිබෙන අතර එහිදී බිලිදු මළ සිරුරු දෙක මාරු වී එක් මළ සිරුරුක් මිනුවන්පිටිය සුසාන භූමියේදී මිහිදන් කර තිබෙනවා.

ගොඩ ගත් මළ සිරුරු පානදුර මුලික රෝහලට ගෙන ගොස් තිබෙන අතර ඊට අදාල පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post