News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

කෑගල්ලේ කොරෝනා ඔසුවට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටු අනුමැතිය

1325 Views


කෑගල්ලේ කොරෝනා ඔසුවට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටු අනුමැතිය

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිපද වූ කොරෝනා මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව තහවුරු කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ඖෂධය මේ වනවිටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබා දීමට අනුමැතිය දී ඇති බවයි.

ඒ හේතුවෙන් ඊට විරුද්ධ වීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අදාළ ඖෂධයට අනුමැතිය ලබා දීම සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ඊයේ රැස් වුණා.

පසුගිය දිනවල ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධය ප්‍රමිතියට අනුකූලව සිදුකර ඇති බවට වූ වාර්තාව ද එහිදී ඉදිරිපත් කළා‍.

ඒ අනුව එම ඖෂධය පිළිබඳව කරුණු රාශියක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව අදාළ ඖෂධයට නිෂ්පාදන බලය සඳහා අවසර දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තීරණයකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post