News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

එංගලන්තයේ නව කොරෝනා ප්‍රභේදයක් – මෙරටට පැමිණීමේ අවදානමක් ගැන තොරතුරු

517 Views


එංගලන්තයේ නව කොරෝනා ප්‍රභේදයක් – මෙරටට පැමිණීමේ අවදානමක් ගැන තොරතුරු

එංගලන්තයෙන් හදුනාගෙන ඇති කොවිඩ් 19 නව වෙෙරස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.

අදාළ වෙෙරසය ඉතා වේගයෙන් පැතිර යාම එහි විශේෂත්වය වන අතර මේ වනවිටත් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයකින් එම වෙෙරසය වැළදුණු රෝගීන් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එමෙන්ම එම වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන් යුරෝපා රටවල් මෙන්ම දකුණු අප්‍රිකාව, ඊශ්‍රායලය, තුර්කිය, ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය දක්වා ගුවන් ගමන් ද අත්හිටුවා තිබෙනවා.

වෙෙරසය වැළදුණු පුද්ගලයින් නිරෝධායනයට ලක් කිරීමේදී එය පැතිර යා හැකි බවයි විද්වතුන් පවසන්නේ.

නව වෙෙරස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානමක් ඇතැයි පෙන්වා දෙන විද්වතුන් පවසන්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර කඩිනම් පියවර ගත යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post