News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

බැස්ටියන් මාවතේ තාවකාලික වෙළඳසැල් කඩා ඉවත් කරයි

413 Views


බැස්ටියන් මාවතේ තාවකාලික වෙළඳසැල් කඩා ඉවත් කරයි

පිටකොටුව, බැසිටියන් මාවතේ තාවකාලික වෙළඳසැල් කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එම වෙළඳසැල් හිමියන් පැවසුවේ ඊයේ රාත්‍රියේ සිටම වෙළඳසැල් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ තාවකාලික වෙළඳසැල් 95ක් කඩා ඉවත් කෙරුණා.

මින් පෙර එම වෙළඳසැල් ඉවත් කරන බවට නාගරික සංවර්ධන අධිකාරිය මගින් අදාළ වෙළඳසැල් හිමියන්ට දැනුම් දී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට එම වෙළඳසැල් හිමියන් සිය වෙළඳසැල්වල භාණ්ඩ ඉවත්කර ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post