News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

අදත් සවස් වරුවේ වැසි

365 Views


අදත් සවස් වරුවේ  වැසි

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසිඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, කිළිනොච්චිය, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post