News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

පහළොස් හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

2111 Views


පහළොස් හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

15 හැවිරිදි පාසල් සිසුවියක දූෂණයකර පළා ගියා පුද්ගලයෙකු සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තියත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් පාසල් සිසු සිසුවියන්ට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමට පසුගිය කාලයේ පියවර ගැනුණා.

ඒ අනුව අදාළ සිසුවියගේ පියා ඇයට ජංගම දුරකතනයක් ලබා දී තිබූ අතර ඇය එය භාවිත කරමින් මුහුණු පොත හරහා හදුනාගත් පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහිදී එම පුද්ගලයා අදාළ සිසුවිය තනිව හමු වීමට අවැසි බව අවස්ථා කිහිපයකදී පවසා තිබුණා.

එම ඉල්ලීම්වලට අනුව සිසුවිය සිය පෙම්වතා හමුවී ඇති බවත් එහිදී අදාළ පුද්ගලයා සිසුවිය දූෂණයට ලක්කර ඇති බවත් පොලිසිය පවසනවා.

ඉන් අනතුරුව දින කිහිපයක් වෙනත් නිවසක ඔවුන් දෙදෙනා රැදී සිට ඇති අතර පසුව දෙදෙනාම සිසුවියගේ නිවස වෙත පැමිණ ඇති බවත් එහිදී ඇගේ මව්පියන් ඔවුන්ව ප්‍රතික්ෂේපකර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව ඔවුන් යළිත් හැදල ප්‍රදේශයේ වෙනත් නිවසක් වෙත ගොස් තිබුණා.

එහිදී සිසුවිය ගැබිනියක් බවට හදුනා ගැනීමත් සමග ඔවුන් අතර නිරන්තරයෙන් මත ගැටුම් හටගෙන ඇති බවත් අවස්ථා කිහිපයකදී සිසුවිය අදාළ පුද්ගලයාගේ පහර කෑම්වලට ලක්ව ඇති බවත් අනාවරණ වී තිබෙනවා.

ඉන් පසුව සිසුවිය පමණක් ඇගේ නිවසට පැමිණ මව්පියන් සමග පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිසුවිය දූෂණය කළ පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post