News Line| Off Air
Generic placeholder image

Dec
22

ශ්‍රී ලංකා – එංගලන්ත කි‍්‍රකට් හටනේ එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශනයට ජැක් කලිස්

447 Views


ශ්‍රී ලංකා – එංගලන්ත කි‍්‍රකට් හටනේ එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශනයට ජැක් කලිස්

එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා දකුණු අප‍්‍රිකානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත්කර තිබෙනවා.

ටෙස්ට් තරග දෙකකට සහභාගිවිම සදහා එංගලන්ත කණ්ඩායම ලබන ජනවාරි මස 3 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.

ටෙස්ට් තරග පිටියේ අත්දැකීම් බහුල කී‍්‍රඩකයෙකු වන ජැක් කලිස් ටෙස්ට් තරග 166කට කී‍්‍රඩා කරමින් ලකුණු 13,289ක් රැස්කර තිබෙනවා.

ටෙස්ට් කඩුලූ 292ක් බිද හෙළීමට ඔහු සමත් වුණා.

එංගලන්ත – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජනවාරි මස 14 වැනිදා ගාල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post