News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි ඉල්ලීමක්

830 Views


බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි ඉල්ලීමක්

උත්සව සමයත් සමග ජනතාව බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත යා හැකි බැවින් එම පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාව බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට යෑම තුළින් වෙෙරසය පැතිර යාමේ විශාල අවදානමක් පවතින බවයි.

ඒ හේතුවෙන් ජනවාරි පළමු වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම බස්නාහිර පළාතට අමතරව සෙසු දිස්ත්‍රික්ක සදහා ද සංචරණ සීමා පනවන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post