News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

කොරෝනා නිසා මිය ගිය දින 20 බිළිඳාගේ මරණය සැක බව පවසා මව්පියන් අධිකරණයට

546 Views


කොරෝනා නිසා මිය ගිය දින 20 බිළිඳාගේ මරණය සැක බව පවසා මව්පියන් අධිකරණයට

කොරෝනා වෛරසය වැළඳී පසුගියදා මිය ගිය දින 20ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බව පවසමින් බිළිඳාගේ මව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

වෛද්‍ය වාර්තා කැඳවා පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔවුන් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.

දින 20ක් වයසැති බිළිඳා පසුගිය 8 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ලේ විස වීම, බහු ඉන්ද්‍රී අක්‍රිය වීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් බිළිඳාගේ මරණය සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post