අනතර් ජාලය ඔස්සේ ඉගෙනුම් ඉගෙන්විම සිදු කරමින් සිටි ගුරුවරුන් පිරිසකට හා පාසල් ළමුන් පිරිසකට ජංගම දුරකථන වෙත වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන යොමු කර තිබෙන පුද්ගලයෙකු සොයා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ කරන ලද පැමිණිල්ලකට අනුවයි.
බළන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දරුවන් 50 දෙනකු මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් ඉගෙන්වීම් සිදු කරමින් සිටින අතරතුර මෙලෙස ගුරුවරුන්ට හා පාසල් ළමුන් හට එකවර මෙම අසභ්‍යවීඩියෝ දර්ශන යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ, ගුරුවරියක් විසින් මෙම සිද්ධිය පිලිබදව අදාල පැමිණිල්ල සිදු කර තිබෙන්නේ.