පවතින වසංගත තත්ත්වය හමුවේ ලබන ජනවාරි මාසය තුළ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එම කමිටුව පෙන්වා දෙන්නේ ශ්‍රී පාද සමයේ ආරම්භක සති කිහිපය දැඩි අවදානම් සහගත බවයි.
හැටන් වතු ආශ්‍රිතව කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මැදිහත්ව සංචරණ සීමා පැනවීමට ද පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබා ශ්‍රී පාද වන්දනාවේ පැමිණිය ද පවතින අවදානම පහව නොයන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.