News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

වඩාත් ගුණ දායක අලිගැටපේර මිලදී ගැනීමේදී ඔබ නොදත් දේ

684 Views


වඩාත් ගුණ දායක අලිගැටපේර මිලදී ගැනීමේදී ඔබ නොදත් දේ

පලතුරු අතර වඩාත් ගුණදායක පළතුරක් වන අලිගැටපේර කා අතරත් ඉතා ජනප්‍රිය පළතුරකි. අසන්තෘප්ත මේද අම්ල සහිත තෙල් වර්ග ඔබගේ රුධිරයේ හානිකර කොලොස්ටරෝල් ප්‍රමාණය පහල හෙළන අතර හෘදයාබාධ හා ආඝාතය වැනි තත්වයන් ඒ මගින් අඩු කරනු ලබයි.

එම තෙල් දේහ සෛල සැදීමට අවශ්‍ය පෝෂණය ද සපයයි. විටමින් e වලින් පොහොසත් නිසා ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් ද යුක්ත වෙනවා. කෑමට ගන්නා තෙල් වර්ග අතර අලිගැටපේර තෙල්වල තිබෙන අසන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය දෙවැනි වන්නේ ඔලිවි තෙල් වලටයි. මේ අතර මන්දපෝෂණය දුරලීමට හේතුවන ප්‍රධාන පළතුරක් ලෙසද අලිගැටපේර නම් කරනු ලබයි. ඒ අනුව මෙම ආහාරය ඉතා වටිනා ආහාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

අලිගැටපේර මිලදී ගැනීමේදී ඔබ නොදන්නා කාරණා කිහිපයක් ගැනයි මේ සටහන තුලින් අවදාරණය කරන්නේ. අලිගැටපේර මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු පළමු කරණය නම් , දිලිසෙන අලිගැටපේර මිලදී නොගැනීමයි. අලිගැටපේර ගෙඩියේ මතුපිට පෘෂ්ටයේ යම් දිලිසෙන ස්භාවයන් ඔබ දැක ඇති. එම ස්වභාවය මෝරන ගෙඩි වල දක්නට නොලැබෙන අතර ගෙඩිය මෝරන කොට දිස්නය අඩු වෙනවා. ඒ වගේම ගෙඩි පැහෙනකොට පුංචි අල්පෙන්නිති තුඩවල් වගේ ගෙඩිය පුරා තිබෙන තෙල් ග්‍රන්ථි සුදු පාටට දක්නය ලැබෙනවා. සමහර වර්ග වල පැසුණු ගෙඩිය සොලවද්දී අලිගැටපේර ගෙඩියේ ඇතුලේ තිබෙන ඇටය සෙලවන ගතියක් දැනෙන්ටද හැකිය.

මිලදී ගන්නා අලිගැටපේර වඩාත් හොදින් පැසි තිබෙනවනන් කෑමට හා අලිගැටපේර යුෂ වශයෙන් ඉතා රසවත්ව සදා ගත හැකිය.


News Articles
Latest Videos
Most Popular Post