News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

තවත් ආසාදිතයින් 182 හඳුනා ගනියි

948 Views


තවත් ආසාදිතයින් 182 හඳුනා ගනියි

තවත් කොරෝනා ආසාදිතයින් 182 හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 588ක් ලෙසයි.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 35,548 දක්වා ඉහළ ගියා.

මේ අතර වෛරසය ආසාදිතව සිටි තවත් 686 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 30,568ක් ලෙසයි.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post