News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් යුක්‍රේනයෙන් ගෙන් වූ දේ (ඡායාරූප)

966 Views


කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් යුක්‍රේනයෙන් ගෙන් වූ දේ (ඡායාරූප)

කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් මෙරටට ගනේ වූ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව අද සිය භාරයට ගත්තා.

අදාළ අපද්‍රව්‍ය තොගය යුක්‍රේනයේ සිට ආනයනයකර ඇති අතර ඒවා බහාලුම් 28ක දමා තිබියදී සොයා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, යුක්‍රේනයේ Agronika Trade LLC නමැති ආයතනයක් මගින් එම බහාලුම් ආනයනයකර ඇති බවයි.

අදාළ බහාලුම්වලින් බහාලුම් 8ක් පසුගිය 10වැනිදා මෙරටට රැගෙනවිත් ඇති අතර ඉතිරි බහාලුම් 20 රැගෙනවිත් ඇත්තේ ඉකුත් 21 වැනිදායි.

එලෙස ආනයනය කරන ලද බහාලුම්වලින් 4ක් පරීක්ෂා කිරීමට එක් වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පැවසුවේ අදාළ අපද්‍රව්‍ය නිෂ්පාදිත රටටම ප්‍රති අපනයනය කළ යුතු බවයි.

මේ වනවිට බහාලුම් 24ක් කොළඹ වරාය තුළ තැන්පත්කර ඇති අතර සෙසු බහාලුම් 4 ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් පරික්ෂා කිරීමේ අංගනයේ තැන්පත්කර ඇති බව රේගු නිලධාරීන් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post