අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට කොළඹ – කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බවයි.
ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙනතුරු විවෘත නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.