ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය.
උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදු බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.
ලොව පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් මෙවර නත්තල් දින සැමරීම දැඩ් සෞඛ්‍ය නීති රිතින් යටතේ සිදුවෙයි.
මේ අතර පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සියලු කිතුනු දේවස්ථානවලට අද සහ හෙට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද පෙන්වා දෙන්නේ මෙම නත්තල් දිනයේ සහ ඉදිරි සතියේදී ගමන් බිමන් සිමාකිරීම වඩා යෝග්‍ය බවය.
මේ අනුව සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල වෙමින් දේව මෙහෙයන් සහ බැතිමතුන්ගේ සහභාගිත්වය සීමා කිරීමටද පියවර ගෙන තිබේ.
මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේදී අද රාත්‍රියේ පැවැත්වෙයි.