News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
27

කොරෝනා ආසාදිතයෙකු නිවසින් පළා යයි

583 Views


කොරෝනා ආසාදිතයෙකු නිවසින් පළා යයි

කොරෝනා ආසාදිතයෙකු නිවසින් පළා ගොස් තිබෙනවා.

පළාගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතන අතර කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බව පොලිසිය සඳහන් කළා.

ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙන්නේ. අදාල රෝගීයා මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නම් පුද්ගලයෙකි.

අදාල පුද්ගලයා පිලිබදව තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 0112433333 හෝ 119 අංකවලට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post