News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

12 හැවිරිදි දරුවාගේ සිරුර මදුරු දැල් ආධාරකයේ එල්ළෙමින් තිබියදී හමු වෙයි – මරණය සැක බව පියා කියයි

882 Views


12 හැවිරිදි දරුවාගේ සිරුර මදුරු දැල් ආධාරකයේ එල්ළෙමින් තිබියදී හමු වෙයි – මරණය සැක බව පියා කියයි

කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි සිසුවෙකුගේ සිරුර මදුරු දැල් ආධාරකයක එල්ලෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.

එම සිසුවා, 6 හැවිරිදි සිය සහෝදරිය සමග නිවසේ සිට ඇති අතර ඔවුන්ගේ පියා සහ සුළු මව එම අවස්ථාවේ එහි සිට තිබුණේ නැහැ.

සුළු මව නිවසට පැමිණෙන අවස්ථාවේ 12 හැවිරිදි සිසුවා නිවසේ නොසිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී කාමරයක මදුරු දැලේ ආධාරකයේ ඔහුගේ සිරුර එල්ලෙමින් තිබෙනු දැක තිබෙනවා.

ඇය පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ, තමන් නිවසට පැමිණෙන අවස්ථාවේ 12 හැවිරිදි දරුවා නිවසේ නොසිටි බවත්, දියණියගෙන් ඔහු පිළිබද විමසූ විට, ඔහු සැගවී ඇති බවට දියණිය පැවසූ බවත්, පසුව කාමර තුළ පරීක්ෂා කිරීමේදී එක් කාමරයක කුඩා රෙදි කැබලි දෙකක් ආධාරයෙන් මදුරු දැල් ආධාරකයේ දරුවා එල්ලෙමින් සිටිනු තමන් දුටු බවයි.

එම අවස්ථාවේ තමන් දරුවා ඉන් මුදවාගෙන රෝහල වෙත රැගෙන ගිය ද ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවට වෙෙද්‍යවරුන් ප්‍රකාශ කළ බවත් ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබුණා.

එම දරුවා ඔහුගේ පියාගේ පෙර විවාහයේ දරුවෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් දරුවාගේ හදිසි මරණය පිළිබද සැකයක් පවතින බව ඔහුගේ පියා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝගකර ඇත්තේ මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත්කර, වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post