News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

තවත් මරණ 4ක් – සමස්ත කොරෝනා මරණ ගණන 191ට නගියි

408 Views


තවත් මරණ 4ක් – සමස්ත කොරෝනා මරණ ගණන 191ට නගියි

තවත් කොරෝනා මරණ 4ක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 191 දක්වා ඉහළ ගියා.

එලෙස මියගියේ පිටකෝට්ටේ, රාගම, කඩවත සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 52ත් 78ත් අතර වයස් සීමාවන්වල පසුවන්නන්.

ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :

No photo description available.

මේ අතර ඊයේ දිනය තුළ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 668 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 41,054 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් 634 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 54 දෙනා හදුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන්.

ඒ අනුව පෑලියගොඩ, මිනුවන්ගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් මේ දක්වා වාර්තා වන සමස්තය දැක්වෙන්නේ 37,360ක් ලෙසයි.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතයින් 650 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 32,701 දක්වා ඉහළ ගියා.

මේ අතර කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 8,162 දෙනෙකු තවමත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post