News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

කිළිනොච්චියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි – ඝාතනයට මුල අනියම් පෙමක් බව හෙළි වෙයි

816 Views


කිළිනොච්චියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි – ඝාතනයට මුල අනියම් පෙමක් බව හෙළි වෙයි

කිළිනොච්චිය, මුලංගාවිල් ප්‍රදේශයෙදී පුද්ගලයෙකු කඩුවකින් කපා කොටා ඝාතනයකර තිබෙනවා.

මුලංගාවිල්, පල්වරායන්, කට්ටචෝලේ ආදර්ශ ගම්මානයේදී අදාළ ඝාතනය සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය පැවසුවේ, මියගිය පුද්ගලයා අදාළ සැකකරුගේ ඥාතියෙකු සමග ඇතිකර ගෙන තිබූ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් දුරදිග යාම ඝාතනයට මුල් වී ඇති බවට අනාවරණ වූ බවයි.

ඒ සම්බන්ධයෙන් අැති වූ ආරවුල කලක සිට තිබී ඇති අතර සිද්ධිය වූ දිනයේ හටගත් බහින්බස් වීමක් දුර දිග යෑමෙන් සැකකරු, අදාළ පුද්ගලයාට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර තිබුණා.

ඉන් අනතුරුවයි එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එක් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post