News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

සිරි පා වන්දනාකරුවන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුව, සීමිත පහසුකම් යටතේ ඉඩ

504 Views


සිරි පා වන්දනාකරුවන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුව, සීමිත පහසුකම් යටතේ ඉඩ

හෙටින් ඇරඹෙන සිරි පා වන්දනා සමය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩ සළසා ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

පවතින වාතාවරණය යටතේ අදින් ඇරඹෙන චාරිත්‍රානුකූල පෙරහැර සහ ඉදිරි තේවා කටයුතු ද සීමිත පිරිසකට පමණක් සීමාකර තිබෙනවා.

බුදු රජාණන් වහන්සේ සිය තුන්වන ශ්‍රී ලංකාගමනයේදී සමනොළ ගිරි මුදුනෙහි තම වම් සිරි පා සළකුණ තැබූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

සෑම වසරකම උඳුවප් පෝ දිනයෙන් සිරි පා වන්දනා සමය ඇරඹෙන අතර මෙවර එය ආරම්භ වන්නේ හෙටට යෙදී ඇති උඳුවප් පොහෝ දිනයෙන්.

එය ලබන වසරේ වෙසක් පොහෝ දිනය දක්වා පැවැත්වෙනවා.

දේවාභරණ රැගත් පෙරහැර චාරිත්‍රානුකූලව හෙට අලුයම ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ සිරි පා වන්දනාව සඳහා සෞඛ්‍ය පහසුකම් සළසා ඇතත්, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජනවාරි මාසයේ සිරි පා වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවයි.


News Articles
Latest Videos
Most Popular Post