News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය පිලිබදව UNP මතය

1157 Views


කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය පිලිබදව UNP මතය

කොරෝනා දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලම්න් පසුගිය දින කිහිපය තුළම ඇතැම් ප්‍රදේශයන්හි මුස්ලිම් ජනතාව උද්ඝෝෂණයේ නිරත වූ අතර මේ අතර කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිළි කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි වැඩ්දුරටත් සදහන් වන්නේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව කඩිනමින් ගතයුතු බවත් සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකඟතාවයකට පැමිණ එය ගතයුතු බවයි.

මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළයුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබේ


News Articles
Latest Videos
Most Popular Post