News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

වේයන්ගොඩදී වෙඩි කෑ නිශාන්ත කුමාරසිරිගේ අපරාධ පිළිබඳ හෙළිදරව්ව

7726 Views


වේයන්ගොඩදී වෙඩි කෑ නිශාන්ත කුමාරසිරිගේ අපරාධ පිළිබඳ හෙළිදරව්ව

අද උදෑසන පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ 37 හැවිරිදි නිශාන්ත කුමාරසිරි නැමැත්තා ඉකුත් 19 වැනිදා පුද්ගලයෙකුට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර තිබුණා.

පොලිසිය පැවසුවේ නිශාන්ත කුමාරසිරි නැමැත්තා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත්කර තිබූ බවයි.

සැකකරු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට මේ වනවිටත් තොරතුරු අනාවරණ වී අැති අතර තුවාල ලැබූ පුද්ගලයා අදාළ සැකකරු පිළිබද මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් පොලිසියට සැපයීමකට අදාළව ඒලෙස කඩු පහරවලට ලක් වී තිබුණා.

ඒම සිදු වීමෙන් තුවාල ලැබුවේ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි සුනන්ද නමැති අයෙකු වන අතර ඔහුගේ පාදකයක් සහ අැගිලි සහිත පාද කොටසක් ශරීරයෙන් වෙන් වන සේ කපා නිශාන්ත කුමාරසිරි නැමැත්තා තුවාල ලැබූ පුද්ගලයාගේ පාදය රැගෙන ගොස් තිබෙනවා.

ඒලෙස පළා ගිය සැකකරු සෙවීම සදහා වේයන්ගොඩ පොලිසිය හා බස්නාහිර (උතුර) අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් මෙහෙයුමක් දියත් කළා.

පොලිසිය පැවසුවේ, මත්කුඩු අතැති පුද්ගලයෙකු කුරුවිට බස් නැවතුම අසල රැඳී සිටින බවට ඔහු විසින්ම පොලිසියට දුන් දුරකතන ඇමතුමකට අනුව බස් නැවතුම අසලට ගිය විමර්ශන කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

ඒම අවස්ථාවේ මත්කුඩු ග්‍රෑම් 2ක ප්‍රමාණයක් ද සැකකරු සන්තකයේ තිබී සොයා ගැනුණා.

දින කිහිපයක් තිස්සේ සැඟව සිටි අදාළ පුද්ගලයා තමා ගැනම තොරතුරු සපයා පොලිසියට භාර වීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට සැකයක් ද මතු වී තිබුණා.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත් කිරීමෙන් පසු බස්නාහිර (උතුර) අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කුරුවිට පොලිසියට ගොස් සැකකරු භාර ගැනිමෙන් පසු පෑලියගොඩ පිහිටි එම ඒකකයට ගෙන එනු ලැබුවා.

එහිදී කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු සිදු කළ අමානුෂික ක්‍රියාව පාපොච්චාරණයකර අැති බවයි පොලිසිය පැවසුවේ.‍

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුව කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කළා.

ඒම පුද්ගලයාගේ පාද දෙකටම කඩු පහරවලින් බරපතළ තුවාල සිදුවී තිබූ අතර එක් පාදයක දණ හිසෙන් පහළ කොටස ද අනෙක් පාදයේ ඇඟිලි සහිත පතුල් කොටස ද කැපී වෙන්වී තිබුණා.

පහර දීම සිදු කළ පුද්ගලයා පහර දීම සිදුකර අැත්තේ තවත් පුද්ගලයෙකු සමග පැමිණ වන අතර ඒම පුද්ගලයා සම්බන්ධයෙන් ද මේ වනවිට තොරතුරු අනාවරණ කරගෙන අැති බව පොලිසිය පැවසුවා.

ප්‍රධාන සැකකරු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර (උතුර) අපරාධ විමර්ශන
කොට්ඨාසය කටයුතු කරන ලද අතර සැකකරු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක් වන බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළි වුණා.

වේයන්ගොඩ, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැත්තා වූ ඔහු කැටුව අද අලුයම යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබූ අවස්ථාවේ ඇති වූ සිද්ධියකදී  ඔහු මියගිය බව පොලිසිය අද උදෑසන නිවේදනය කළා.

ඒම පුද්ගලයා ආයුධ සගවා තැබූ ස්ථානයක් පරීක්ෂා කිරීමට ඔහු සමග පොලිසිය ගිය බවත් එහිදී පොලිස් රියදුරුගේ ගෙළ අත් මාංචුවලින් සිරකිරීමේදී රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

ඒම අවස්ථාවේදී පළා යාමට තැත් කළ සැකකරුට පොලිසිය වෙඩි තබා තිබූ අතර ඉන් තුවාල ලැබූ සැකකරු වතුපිටිවල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඒ වනවිටත් ඔහු මියගොස් සිටියා.

සැකකරුගෙන් ලබා ගත් තොරතුරු මත වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් සියයක පමණ දුරින් පිහිටි පාළු වතු ප්‍රදේශයක තිබී ජීව අත්බෝම්බ දෙකක් සහ ප්‍රදේශයේ සුසාන භූමියක් අසල සගවා තිබූ කඩු දෙකක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post