News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

ඊයේ දිනයේ ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ

599 Views


ඊයේ දිනයේ ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ

ඊයේ දිනය තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වූ පුද්ගලයින් දිස්ත්‍රික්ක 18කින් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

දෙෙනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් ඊයේත් වැඩිම පිරිස හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 174ක් ලෙසයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 153ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 110 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 52ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 50ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 26ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 21ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 20ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 19ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 15ක් වශයෙන් ඊයේ දිනය තුළ ආසාදිතයින් හදුනා ගැනුණා.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයෙන් 8ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 5ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 5ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 3ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 2ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 2ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 2ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු වශයෙන් කොරෝනා වෙෙරසය ආසාදනය වුවන් වාර්තා වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post