ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
අද පස්වරු 7.00 ට ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිත අතර පවතින දේශපාලන තත්වය පිලිබදව මෙහිදී වැඩි දුර සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඒ පිලිබදව අදහස් දක්වමින් සඳහන් කළේ.