News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් අනුරාධපුර ගිනි නිවන ඒකකයේ නිලධාරියෙක් රිමාන්ඩ්

455 Views


අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් අනුරාධපුර ගිනි නිවන ඒකකයේ නිලධාරියෙක් රිමාන්ඩ්

අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ වැඩබලන ස්ථාන භාර නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ, රුපියල් 29,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදීයි.

අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් පවත්වාගෙන යනු ලබන ගිනි නිවීමේ උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ ප්‍රදේශයේ හෝටලයක වෙළද බලපත්‍රය ලබා ගැනීම ඇතුළු කටයුතු කිහිපයක් සදහා අදාළ කාන්තාවගේ සැමියා පසුගියදා එම නිලධාරියාව හමු වී තිබුණා.

එම අවස්ථාවේ නිලධාරියා අදාළ පුද්ගලයාගෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සේවා ලබා ගැනීම සදහා පැමිණි පුද්ගලයා අල්ලස් කොමිසම වෙත කළ පැමිණිල්ලකට අනුව වැඩබලන ස්ථාන භාර නිලධාරීවරයාව අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව එම නිලධාරියා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝගකර ඇත්තේ ඔහුව ලබන ජනවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post