දකුණු අප්‍රිකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා නව සිමා පැනවීමට එරට ජනපති රමපෝසා පියවර ගෙන තිබෙනවා.
මේ අනුව එරට රාත්‍රී 9.00 සිට උදෑසන 6.00 දක්වා කාලය තුල රටපුරා ඇදිරි නීතිය පැනවීමට කටයුතු කරන අතර අදාළ කාලය තුළ නිසි අවසරයකින් තොරව කිසිවෙකුටත් සිය නිවෙස්වලින් බැහැරට යාම තහනම් වනු ඇති.
මත්පැන් අලෙවිය ද තහනම් කිරීමට පියවර ගෙන තිබෙන අතර නව කොරෝනා වෛරස් ප්‍රභේදයත් එරටින් ද වාර්තා වීමත් සමග එරට රෝහල් වෙත ඇදී එන රෝගීන් ප්‍රමාණයද ඉහල ගොස් තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.