එංගලන්තයේ හමු වූ කොරෝනා වෛරස් නව ප්‍රභේදය මේ වන විට ලොව පුරා රටවල් ගණනාවකින්ම වාර්තා වී තිබෙනවා. මේ අනුව අසල්වැසි ඉන්දියාවෙන් ද මෙම වෛරස් ආසාදිතයින් හදුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
එම වෛරස් ආසාදිතයින් හය දෙනකු පමණ එරටින් වාර්තා වී තිබෙන අතර ඔවුන් සියලු දෙනා හුදකලා කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමටත් කටයුතු කර තිබෙනවා.
මේ අතර පකිස්තානයෙන් ද කොරෝනා නව ප්‍රභේදයේ සිද්ධීන් තුනක් වාර්තා වී තිබෙනවා.