ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණයක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගියා.
එලෙස මිය ගියේ, වැල්ලම්පිටියේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයයි.
එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් 28 වැනිදා මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අදාළ මරණය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :

මේ අතර ඊයේ පස්වරුවේ නව ආසාදිතයින් 453 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා රෝගීන් ගණන 42,000 පසු කළා.
එම සංඛ්‍යාව දැක්වුණේ 42,056ක් ලෙසයි.
එලෙස හදුනා ගත් රෝගීන්ගෙන් 418 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 35 දෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හදුනාගත් ආසාදිතයින්.
ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් හදුනාගත් ආසාදිතයින්ගේ සමස්තය දැක්වෙන්නේ 38,343ක් ලෙසයි.
මේ අතර වෙෙරසය ආසාදනය වී සිටි තවත් 704 දෙනෙකු සුවය ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සංඛ්‍යාව 33,925 දක්වා ඉහළ ගියා.
එමෙන්ම රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 7,943ක්.