යුක්‍රේනයේ සිට ඊයේ දිවයිනට පැමිණි සංචාරකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
යුක්‍රේනයේ සිට ඊයේ මෙරටට පැමිණි පිරිසක් මත්තල ගුවන් තොටුපොලේදී පී.සී.ආර් පරීක්ෂාණවලට ලක්කිරීමට සෞඛ්‍ය අංශ ඇතුළු ගුවන් තොටුපල නිලධාරීන් පියවර ගත්තා.
ඒ අනුවයි ඔවුන්ගෙන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනුණේ.
විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව ඔවුන් ඉදිරියේදීත් නිරෝධායන ක්‍රියාවලියට යොමු කෙරෙනු ඇති.