News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය තවත් සිව්දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන්නැයි නියෝග

549 Views


මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය තවත් සිව්දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන්නැයි නියෝග

මහර බන්ධනාගාරයේ ඇති නොසන්සුන්තාව අතරතුර තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය තවත් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව ඔවුන්ගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කෙරෙනු ඇති.

එම රැදවියන් සිව් දෙනා ද කොරෝනා ආසාදතයින් ලෙස හදුනාගත් රැදවියන් වනවා.

ඉකුත් නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර ඉන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගත්තා.

ඒ අනුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වුවේ, විශේෂඥ කමිටුවක් මගින්.


News Articles
Latest Videos
Most Popular Post