News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

ජනපතිගේ උපදෙස් මත බන්ධනාගාරවල ආරක්ෂාවට විශේෂ යුද කණ්ඩායම් කැඳවයි

436 Views


ජනපතිගේ උපදෙස් මත බන්ධනාගාරවල ආරක්ෂාවට විශේෂ යුද කණ්ඩායම් කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාරවල ආරක්ෂාව සදහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථානය කිරීමට සැළසුම්කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ඒ සදහා අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බවයි.

විශේෂයෙන් පාතාල ගණයේ රැඳවියන් වෙන්කර, ඔවුන්ව දැඩි අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවා.

එමෙන්ම බන්ධනාගාර තුළ ඉතා සූක්ෂ්ම අයුරින් නොයෙක් ජාවාරම් සිදු කිරිම සදහා පෙළඹුණ රැදවියන් යම් ග්‍රහණයකට නතු කරමින් ඔවුන්ගේ එවැනි ක්‍රියාකාරකම් අඩපණ කිරීම සදහා මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේ.

ඔහු පැවසුවේ, මේ වනවිටත් 200 දෙනෙකුගෙන් යුත් හිටපු යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවයි.

එමෙන්ම එම පිරිස බන්ධනාගාර බුද්ධි ඒකකය වෙත අනුයුක්තකර, බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා දී ඒ සදහා යෙදවීමට අපේක්ෂා කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post