අබලන් තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා.
ගාලු මුවදොර පිටියේදී ඒය සිදු කෙරුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අදාළ බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
දිවයින පුරා ඇති ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් මෙලෙස අලුත්වැඩියාකර ඇති අතර ඒ සදහා වැය වූ මුදල රුපියල් මිලියන 115ක්.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසකට අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණා.














