News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
31

විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ සිනමා ශාලාවලට සහනයක්

452 Views


විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ සිනමා ශාලාවලට සහනයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම සදහා සිනමා ශාලා හිමියන්ට සහන කාල සීමාවක් ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා ගෙවීමට නොහැකි වූ විදුලි බිල්පත්, ලබන වසරේ දෙසැම්බර් දක්වා සමාන වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව අදාළ සිනමාහල් හිමියන්ට හිමි වනවා.

එම කාල සීමාව තුළ හිඟ බිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් දී ඇත්තේ‍.

විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රයන් මෙන්ම ශ්‍රි ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ද විශාල අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.

මෙම තත්ත්වය යටතේ සිනමාහල් හිමියන් මුහුණ දෙන ආර්ථික අභියෝග මෙන්ම නවීන ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඇතුළු තාක්ෂණික මෙවලම් දිගු කාලයක් අක්‍රීයව තැබීමෙන් දෝෂ ඇතිවීම සැළකිල්ලට ගනිමින්, චිත්‍රපට සංස්ථාවෙන් සහ චිත්‍රපට ප්‍රදර්ශනකරුවන්ගේ සංගම් කළ ඉල්ලීම් සළකා බලමින් එම සහනය ලබා දීමට තීරණයකර තිබෙනවා.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි, දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලා 194කට පමණ මෙම විදුලි බිල්පත් ගෙවීමේ සහනය හිමි වනු ඇති‍.


News Articles
Latest Videos
Most Popular Post